gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගැටුමක් ඇතිවුවහොත් වගකීම තමන් භාරගන්න බව දේශබන්දු කීවා…“ හිටපු ලේකම් ජගත් අල්විස් සී.අයි.ඩී.යට කියයි

මැයි 09 අපරාධය සිදුවීමට ඉඩ හැරීම සම්බන්ධව පූර්ණ වගකීම  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්  දැරිය යුතු බව දක්වමින්  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පෙරේදා (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

හිටපු ලේකම්වරයා  මෙම ප්‍රකාශය ලබා දෙන්නේ නීතිපතිවරයා විසින් යළි ඔහුගෙන්  ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස  කරන ලද නියෝගයක් අනුවය.

එහිදී   මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු  ලේකම්වරයා පවසා ඇත්තේ  අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස වළක්වන ලෙස බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමන් උපදෙස් ලබා දුන් බවය.

එහිදී    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  තමන්ට දන්වා සිටියේ  සාමකාමී විරෝධතාකරුවන් පිරිසක්  අරලියගහ මන්දිරයේ සිට ගාලුමුවදොර වෙත ගමන් කරමින් සිටින බවත්, එතැන කිසිම ගැටුමක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් යැයි ද ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවසා ඇත.

යම් ආකාරයක ගැටුමක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම තමන් දරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට  දැන්වූ බව ද හිටපු ලේකම් වරයා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මේ අවස්ථාවේ දී  මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයේ  ලේකම්වරයා  ලෙස   තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට  දන්වා සිටියේ ගැටුමක් අතිවීමට කිසිම ඉඩක්  නොතැබීම සඳහා වග බලා ගන්න ලෙස  බව ද  එහි දී හිටපු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

-lankasara


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka