මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට අයත් නිවසක රැඳී සිටින බවට ‘ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ’ සභාපති යැයි කියා ගන්නා හිටපු පොලිස් නිලධාරීවරයෙකු වූ අජිත් ධර්මපාල විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඩපටයෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනය කර සිටිනවා.
මෙය ගුවන් හමුදාව සහ ගුවන් හමුදාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් පළකරන ලද ප්‍රවෘත්තියක් බවයි ගුවන් හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කර සිටියේ.
