gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජපක්ෂවරුන් රටින් පිටවන එක නවත්වන පෙස්සම ඉක්මණින් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

රාජපක්ෂවරුන් මෙරටින් පළායෑම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ළඟ දිනයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා.

ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්. ඩී. ලක්ෂ්මන් යන අයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 06 වැනිදා ගොනුකර තිබුණා.

ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ක්‍රීඩක සහ පුහුණුකරු ජූලියන් බෝලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මූල්‍ය අක්‍රමිකතා සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කළා.

අධිකරණය තීරණය කළේ අදාළ පෙත්සම ලබන ජූලි 27 වැනිදා කැඳවීමටයි.

කෙසේ වෙතත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම දැඩි හදිසි අවශ්‍යතාවක්ව පවතින බැවින්, එය එළඹෙන ජූලි මස 14 වැනිදාට කැඳවීමට කටයුතු කරන ලෙස නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කෙරුණා.

පෙත්සම යළි කැඳවීමට මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මෙම පිරිස මේ මොහොතේ රටින් පළාගියහොත් එය යළි පියවා ගත නොහැකි පාඩුවක් වන බවයි.

ඒ අනුවයි මෙම මෝසම සලකා බැලූ අධිකරණය අනිද්දා (14) මෙම පෙත්සම කැඳවීමට තීරණය කළේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka