ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බණ්ඩාරනායක ගුවන් තොටුපළ හරහා රටින් පිට වීමට උත්සාහ කළ නමුත් ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුද‍්‍රා තැබීම ප්‍රතික්ෂේප කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
ඒ හේතුවෙන් ජනාධිපති සහ ඔහුගේ බිරිඳ රාත්‍රිය ගත කර ඇත්තේ ගුවන් තොටුපොල අසල හමුදා කඳවුරක බවද එම පුවත් වාර්තාව සඳහන් කරයි.
ප්‍රභූ පර්යන්තය හරහා පිටවීමට අවශ්‍ය මුද්‍රා තැබීමට ආගමන විගමන නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතත් සාමාන්‍ය ගුවන් මගී ගමන් මගී පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ තිබුණද විරෝධතා ඇතිවේ යැයි ජනාධිපතිවරයා ඒ හරහා නොවන බව දැනුම් දී ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
