ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11 ) දින සවස හෝ අද (12 ) දින රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ නැති බවත්, එසේ තිබිය දී ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට රටින් බැහැර වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ දී අනුමැතිය ලබා දීමට පියවර නොගෙන ඇති බවත් දන්වා පලවන ප්‍රවෘත්ති පදනම් රහිත අසත්‍ය ඒවා බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
තවමත් රටේ විධායක ජනාධිපති ධුරයේ රැදී සිටින ජනාධිපතිවරයා , විදේශ ගත වීමේදී , එය වැළැක්වීමට තමන් වෙත නීතිමය ප්‍රතිපාදන නොමැති බව ද ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී .
