gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

BREAKING NEWS: ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ගෝඨාභයගෙන් “අමුතු කොන්දේසියක්”

තමන්ට සහ තම පවුලට ආරක්ෂිතව රටින් පිටව යාමට ඉඩ සලසන තුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන බවට ඉඟි කර ඇතැයි India Today පවසයි.

විපක්ෂය සමග සාකච්ඡා පැවැත්වෙන නමුත් මෙම යෝජනාව පිළිගැනීමට කිසිදු පාර්ශවයක් මේ දක්වා කැමැත්තක් දක්වා නැතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් India Today වාර්තා කර ඇත.

මීට දින තුනකට පෙර ජනාධිපතිවරයා කතානායකවරයාට කතා කර හෙට (ජූලි 13) ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත්, පසුගිය පැය 40 තුළ ඔහු හෙට සිදුවිය හැකි ඉල්ලා අස්වීම ගැන කිසිවක් සඳහන් කර නැතැයි එම වාර්තාවේ දැක්වේ.

අදාළ වාර්තාව පෙන්වා දුන්නේ, ඉල්ලා අස්වීමට පෙර ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට රට හැර යාමට ආරක්ෂිත මාර්ගයක් අවශ්‍ය බව ය.

හෙට දිනයේදී ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුණහොත් කොළඹ තත්ත්වය තව ත් උග්‍රවීමට ඉඩ ඇතැයි බව ආරංචි මාර්ග සඳහන් කළ බව India Today වැඩිදුරට ත් වාර්තා කර තිබේ.

එම සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න…

-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka