එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමටත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔළුවෙ අමාරුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ පක්ෂ කිහිපයක් එක් වූ බවට ගෙන යන ප්‍රචාර පිළිබඳව තමා දැනුවත් නැති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය බවත් එවන් පක්ෂයක් අතහැර වෙනත් පක්ෂයකට එකතු වෙන්නට තරම් මොලේ අමාරුවක් කිසිවෙකුට නැති බවද හෙතෙම සඳහන් කළේය.
දැවැන්ත පක්ෂයක් දමාගොස් බලයක් නැති පක්ෂයකට කිසිවකු එකතු නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.
තම පක්ෂයේ දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තවත් ඉදිරියට ගෙන යන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
