විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ්ට ප්‍රතිචාර දක්වා තිබේ.
සිය මිත්‍ර මොහොමඩ් නෂීඩ් සහ තමන් අතර පැවති සංවාදයේ දී හෙළි වූ කරුණු සම්බන්ධව තමා කළ ප්‍රකාශයේම තමන් පිහිටා සිටින බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ මොහොමඩ් නෂීඩ් සමග කළ සාකච්ඡාව අතර තුර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විදේශ රටවල් කිහිපයකින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ යැයි මොහොමඩ් නෂීඩ් විසින් තමන්ට හෙළි කළ බවය.
පවතින තත්ත්වය යටතේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසුවේ යැයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෂීඩ් පැවසුවේ එම ප්‍රකාශය සහ ඒ වටා ඇති ප්‍රවෘත්ති සාවද්‍ය බවය.
මේ වනවිට ශ්‍රී ලංකාවට සහය වීමට විදේශ රටවල් කැමැත්තෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, නෂීඩ්ට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ සති කිහිපයකට පෙර ඔවුන් කළ සංවාදය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයේම තමා සිටින බවයි.
කෙසේ වෙතත්, බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බවට නෂීඩ්ගේ විශ්වාසය ගැන සතුටු වන බව විපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
With all due respect for my friend Pres @MohamedNasheed I stand by what I said re conversation w him a few weeks back. However I am happy to note his belief now that many nations are eager to help #SriLanka. https://t.co/rRHgSrXQjD
— Harsha de Silva (@HarshadeSilvaMP) June 14, 2022
