gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑස් අර්බූදය විසඳන්න බැරි වෙයි! කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා! එකම නැවක්වත් ෂෙඩූල් කරලා නෑ! - රනිල් පත් කරපු සභාපති වැඩ බාර අරන් මාර කතාවක් කියයි! (VIDEO)

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූනි 15) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා…

“මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙයි. මේ නැව ආවට පස්සේ එක ම නැවක්වත් schedule කරලා නැහැ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. ගොඩබාන කොට සල්ලි දෙන්නම් කියලා නැව් දින වකවානු හරි කතා කර ගෙන තීරණය කරන්න තිබ්බා එහෙම දෙයක්වත් නැහැ හිස්. මහ මුහුද විතරයි මට පේන්නේ.

මට යුතුකමක් වගකීමක් තියෙනවා ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු ඒ සැපයුම්කරුවට ලබා දීලා ඉවර වෙලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14 ක කාලය තුළ ඒක ගේනකම් ඒ කටිටියට අපට පුළුවන් ද ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කිහිපයක් ඇතුළත ගෙන්නන්න ඉඩ තියෙනව ද කියන එක අපි බලනවා. අමාරුකම දැනගෙනමයි මේක භාර ගත්තේ ගෑස්. අර්බුදය විසඳන්න නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka