gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බව මහ නා හිමිවරු කිව්වා – රොෂාන් රණසිංහ

විධායක ජනාධිපති ධුරය රටට අවශ්‍ය බව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගේද ස්ථාවරය බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඒ, අස්ගිරි – මල්වතු මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙරට ‘ජනවාර්ගික රටක්’ වන බැවින් එය අකුලා ගැනීමට කටයුතු නොකරන ලෙසට උන්වහන්සේලා ඉල්ලීමක් කළ බවයි ඔහු පවසන්නේ.

විධායක ජනාධිපති ධූරය ඉවත් නොකොට කොමිෂන් සභා වැනි යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවට තමාද විශ්වාස කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට රාජ්‍ය නායකයා තෝරාගත යුත්තේ රටේ ජනතාව මිස පාර්ලිමේන්තුව විසින් නොවන බවයි ඔහු පවසන්නේ.

21වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට මෙරට ජනාධිපතිවරයා ජාතිය අමතමින් පවසා සිටියද සිය විධායක ධූරය අත්හැරීමට ඔහු තවමත් සූදානම් නොමැති බව පෙනෙන්නට තිබේ.

පබසරා කම්මැල්ලවීර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka