gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට සිට මාස තුනක් නඩු 220යි... සම්බා 230යි... කීරි සම්බා 260යි - මිල පාලනය ජනතාවට දී ඩඩ්ලි රජයේ සහල් පාලන මිල සහතික කරයි (VIDEO)

මොන තරම් දැඩි පාඩුවක් ලබමින් වුවද තමන් ඇතුළු සියලුම ප්‍රධාන වී මෝල් හිමියන් රජයේ පාලන මිලට විකිණීම සඳහා හෙට සිට සහල් නිකුත් කරන බවත්,  මිල පාලනය ආණ්ඩුවේ ගොං බූරු ගැසට් නොව හෙට සිට ජනතාව අතට ගන්නා ලෙසත් ලංකාවේ ප්‍රධානම සහල් ව්‍යාපාරිකයා වන අරලිය සහල් හිමි ඩඩ්ලි සිරිසේන පැවසුවේය.

අද පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඩඩලි සිරිසේන කීවේ  කවුරුන් මොනවා කීවත් ලබන සැප්තැම්බර 15 වනතුරු මේ රටට ප්‍රමාණවත් සහල් තොග රට තුළ තිබෙන බවය.

ප්‍රධාන වී මෝල් හිමියන් සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ප්‍රමාණයක් පවතින බවත් වී මෙට්‍රික් ටෝන් ලක්ෂ දෙකකින් සහල් මෙට්‍රික් ටොන් එක හමාරක් නිශ්පාදනය කල හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මහා පරිමාණ වී මොල් හිමියන් ලඟ වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක ප්‍රමාණය මාස දෙකකට රටට ප්‍රමාණවත් බවත්, රටේ සමස්ථ වී තොග  ක්‍රමානුකූළ පරිභෝජනයෙන් රටට අවශ්‍ය සහල් මාස තුනක් තුළ පිරිමසා ගත හැකි බව ඔහු කීවේය.

හෙට සිට තමා ඇතුළු මහා පරිමාණ මෝල් හිමියන් පස් දෙනා  නාඩු රුපියල් 220ට සම්මබා සහල් 230ට, කිරී සම්බා 260 ටයත්ව විකිණිය හැකි සේ වෙළෙඳපලට සහල් නිකුත් කරන බව ඩඩ්ලි සිරිසේන කීවේය. මේ මිලට විකිණිය නොහැකිනම් සහල් නොගන්නා ලෙස ඔහු සහල්  වෙළෙඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ මාස තුන මෙම කටයුත්ත කරන්නෙ පාඩු ලබමින් බවත්, එය තමන් ගේ වගකීමක් ලෙස සලකා මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් කරන බවත් ඩඩ්ලි සිරිසේන කීවේය.

ඩඩ්ලි සිරිසේන මෙසේත් පැවසුවේය.

“කෘෂිකර්ම ඇමතිගේ කතාවෙන් හා අගමැතිගේ කතාවෙන් පස්සේ කොළඹ මිනිස්සු පොලොන්නරුව මන්නාර මඩකලපු පැත්තට    ගිහින් වී අරන් එනවා ආරක්ෂිත ආහාර තොගයක් නිවෙස් තුළ තබා ගන්න. ඔවුන් දන්නෙ නෑ වී ටික කොටාගන්නෙ කොහෙන්ද කියලවත්. “

“ඇගමැතිත් ඇමතිත් සත්‍ය තත්ත්වය ඉදිරිපත් කලේ තේරුමක් නැති හරයක් නැති විදිහට.  එයින් වී විකුණන්න හිටපු විකුණන්නෙ නැතිව ගියා.  අනවශ්‍ය විදිහට වී  තොග මිනිස්සු අරගත්තා.  ගිය මාස්  කන්නයේ ගොවියො වගා කළේ      පොල් පොහොර, තේ පොහොර,  එළවලු පොහෝර,  පාවිච්චි කරමින්.  කාබනික පොහොර පාවිච්චි කළා.  එහෙමයි වී  නිශ්පාදනය ගත්තෙ. මේ කන්නයෙ ඒ කිසිම පොහොරක් නෑ. “

“මගෙ ලග තියන තොග හංගගෙන  නිකුත් නොකර  ඉන්නෙ නෑ. මම කියන්නෙ වේල් තුන කන්න. ප්‍රමාණය අඩු කරන්න. මාස තුනකට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් රට තුළ තියනවා“

“ වී ටොන් ලක්ෂ පහක් සඟවාගෙන ඉන්නවා කියලා එක මෝල් කාරයෙක් කියනවා. එහෙම කියලා ඒක  අවුරුද්දට ඇති කියනවා. ගණිතය දන්නෙ නෑ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක හමාරක් ඕන  මාසයසකට අවශ්‍ය සහල් හදන්න.  ඒකෙන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් ගන්න පුලුවන්. “

“වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් කෙටුවාම හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගන් පුලුවන්.  මාස දෙකකට ඕන වී   ප්‍රමාණයක් අපි ලඟ තියන වග කවරුත් දන්නවා. “

“අද සිට මාස තුනක් දක්වා මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් නිශ්පාදනය කරන්න වී තියනවා. ඒ නිසා මං කියපු ඩීසල් ගණන් ගියත්. ඇසුරුම්, අමතර කොටස්, ඇතුළු  සියලු දේ ගණන් වැඩි වුනත්   අපි හෙට උදේ සිට වෙළෙඳපලට රජයේ පාලන මිලට විකුණන්න සහල් නිකුත් කරනවා.

“ඒ අරලිය සහල්පමණක් නොවෙයි.  අනෙක් සෑම සහල් නිශ්පාදනයක්ම  රජයේ සහල් පාලන මිලට යටත් විය යුතුමයි.  ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිශ්පාදන වෙළඳපලට නිකුත් කළ යුතුමයි. “

“මම ආදරණීය වෙළෙඳ  ව්‍යාපරිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාසෙල් එක හාල් ඇටයක් ගන්න එපා වැඩි මිලට විකුණන්න. “

“ව්‍යාපාරිකයො ඉන්නවා  එක බඩුවක් විකුණගන්න බැරිව   හාල් ටික නැතිව. හාල්   හොරට විකුණගන්න බැරි ගුණ යහපත් ප්‍රජාවක් ඉන්නවා වෙළෙඳසල් වහලා දාපු.“

“මම අද සිට රජයෙ සහතික මිලට විකුණන්න සහල් නිකුත් කරනවා. මට සාපේක්ෂව මේ රටේ සහල් නිශ්පාදකයො ඒ ක්‍රමයට සහල් නිකුත් කළ යුතුමයි. ඒ ගැන දෙක්ක තියාගන්න එපා. “

“ඒ  වගේම  සහල් මිල පාලනයේ පූර්ණ වගකීම ජනතාවට භාර දෙනවා.  ජනතාව ඕනෑම කඩයකින් අද සිට රජයේ පාලන මිලට සහල්  ඉල්ලන්න. පාලන මිලට වැඩිය සහල් විකිණුවොත්  රාජකාරිමය තීන්දු ගන්න. පැමිණිලි කරන්න. මේ සඳහා සියලු රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න. මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න.“

ආපහු කියනවා. රටේ  වී තියෙන්නෙ මාස තුනකට විතරයි. යල අස්වැන්න  ලබන අගොස්තුවල එන්න ඕන. ඒක සැප්තැම්බර මැද වේවි දැන් තියන තත්ත්වයත් එක්ක.  සැප්තැම්බර් 15 වෙනකම් අපිට වී ටික බැලන්ස් කරගන්න පුලුවන්.

එතකම් පාලන මිලට විකුණනන්න පුලුවන් විදිහට සහල්නිකුත් කරනවා.  පාඩු විඳගෙන කරන්නෙ. ඒකට යටත්ව සහල් ටික ජනතාවට දෙන්න. ජනතාව පත්ව තිබෙන තත්ත්වය ගැන කල්පනා කරලා  අපි කණ්ඩායම් ලෙස එකතුවෙලා   අභියෝගය ජය ගනිමු.“

ඩඩ්ලි සිරිසේන කීවේය.  කෙසේ නමුත් මේ කන්නයේ පොහොර දී අවශ්‍ය තෙල් ටික ඉන්ධන ටික දී කුඹුරු අස්වැද්දුවේ නැතිනම් තව මාස තුනකින් එන සහල් හිඟයට තමන් හෝ වෙන කිසිවෙකුට චෝදනා නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka