gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති – අගමැති ආණ්ඩුව තුළ බරපතල ලෙස ගැටෙති… පුපුරා යන්න ලඟයි

රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගැනීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර උග්‍ර අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග  ලංකාසරට වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තින්දු තීරණ හා ඔහුගේ නිර්දේශ කිසිවකට ඉඩ නොතබා ජනාධිපතිවරයා තමන්ගේ අභිතමතය පරිදි කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ද නොබෝ දිනකින් මේ අර්බුදය පුපුරා යනු ඇති බව ද  ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය සේවය මෙන්ම රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් ගනු ලබන ඇතැම් තීන්දු සම්බන්ධව දෙදෙනා අතර තරඟකාරී තතත්වයක් මෙන්ම එකිනෙකා පරයා යෑමට උත්සාහ දැරීමක්  නිසා බොහෝ වැඩකටයුතු අවුල් සහගත තත්ත්වයට පත් වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ තත්ත්වය සම්බන්ධව වැඩිදුරටත් කරුණු හෙලි කරන රාජ්‍ය අංශයේ ප්‍රධානියෙක් ලංකාසරට පැවසුවේ  රාජ්‍ය සේවයේ එක් ක්ෂේත්‍රයක් සඳහා අගමැතිවරයා රැස්වීමක්  පසුදා එවැනිම රැස්වීමක් ජනාධිපතිවරයා කඳවන බවත්,  ජනාධිපතිවරයා එවැනි රැස්වීමක් කැඳවන දාට දිනයක් දෙකක් ඇතුළත අගමැතිවරයා ද ඒ රැස්වීමම නැවත කැඳවන බවත් ය. මේ තත්ත්වය තුළ ගත යුතු ප්‍රවේශය සම්බන්ධව දැඩි අස්ථාවරයකට පත්වන නිලධාරීන් අතින්  කිසිම තීන්දුවක් ක්‍රියාත්මක නොවන මට්ටමක් ඇති වී තිබෙන බව ඔහු පැහැදිලි කළේය.

මෙවැනි අර්බුදයක් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන යන අයගේ පාලන කාලය තුළ ද  රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කරද්දී  නිර්මාණය වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම  තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජනාධිපති හා අගමැති දේශපාලන  කඳවුරු දෙකකින්  පත්ව තිබීමත් ඔවුන් තම තමන්ගේ දේශපාලනය ස්ථාවර කරගැනීම සඳහා තරගකාරීව  කැපී පෙනෙන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් ලකුණු දමා ගැනිමට යෑමත් බව එම ආරංචි  මාර්ග කියයි.

කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නේ  ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අතර ද මෙවැනි ගැටුමක් නිර්මාණය වී තිබුණ  බවය. ඔවුනගේ සහෝදරත්වය සහ දේශපාලන කඳවුර එකක් වීම නිසා එය  ගැටුම ඉස්මතු වී නැත.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ  අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන මෙම කඹ ඇදීම නිසා  රටට හෝ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් ඇති නොවන බවය.

තව දුරටත් මේ තත්ත්වය ඇතිවුවහොත් ජනතාව එක්ව දෙදෙනාම පළවා හරිනු ඇති බවත් එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka