ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරුවුම්හල් සියල්ල පුද්ගලික අංශයට විකුණා දැමීමේ අරමුණ ඇතිව ඉතා සැලසුම් සහගතව ඉන්ධන නැව් ප්‍රමාද කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව විසින් දියත්කර තිබුණු බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවැසීය.
අයි.ඕ.සී සමාගමට හිතු මගේ මෙරට තෙල් පිරවුම්හල් ලබා දුන්නා සේම ඉතිරි සියලු පිරවුම්හල් සහ විදුලිබල මණ්ඩලය සතු සම්පත් බහු ජාතික සමාගම්වලට විකුණා දමන බවත්, එය ඉතිහාසයේ මේ රටට සිදුවන බරපතලම හානිය වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වනවිට රටේ සියලු සම්පත් බහුජාතික සමාගම්වලට විකුණා දැමීමේ පූර්ණ සැලැස්මක් දියත් කර ඇති බව හෙළි කරන රන්ජන් ජයලාල් ඒ සඳහා මතුවන ජනතා විරෝධය යටපත් කිරිමට මේ වනවිට ඉන්ධන ගෑස් විදුලිය හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ පෝලිම් නිර්මාණය කර ඇති බව සඳහන් කරයි.
“ මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට කිසිම වැඩක් නැති ආයතනයක් වෙලා. එය පවත්වා ගැනිම සඳහා රුපියල් මිලියන ගණනින් වැය කරනවා. අද එම කොමිසම ඉටු කරමින් සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය. අගමැතිවරයාගේ වෙන්දේසියට ඊට සහයෝගය දැක්වීම හැර වෙන යමක් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉටුවෙන්නෙ නෑ. “
“ සිද්ධවෙමින් ඇත්තෙ මහා කුමන්ත්‍රණකාරී අපරාධයක්… කරුණාකරලා එකට එකතු වෙමු…. එකතුවෙලා මේ අපරාධයට විරුද්ධව නැගී සිටිමු. “ ඔහු කීවේය.
-ලංකාසර
