හිටපු මැති ඇමතිවරු බහුතරයක් තවමත් තම නිල රථ ආපසු භාර නොදීම නිසා වාහන කළමනාකරණය කරගැනීමේ දී අමාත්‍යාංශ ලේකම්වරු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තම නිල රථ හා පරිවාර රථ නැවත භාර දෙන ලෙස හිටපු ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් ඔවුන්ගෙන් බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නැති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඉදිරි සතිය තුළ එම වාහන භාර නොදෙන්නේ නම් ඒ සියලුම දෙනාටම එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින් සිටින බව මේ පිළිබඳව කළ විමසුමක දී රජයේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
හිටපු මැති ඇමතිවරු බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිල රථ සහ ඇතැම් කාර්ය මණ්ඩල නිලධාරීන් පවා රඳවාගෙන සිටින්නේ තව ටික දිනකින් ඔවුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බව ඉහත නිලධාරීයා වැඩිදුරටත් පැවසුවේය.
