gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා රනිල් ආණ්ඩුව පන්නතුරු නිම නොවන “ජනතාවගේ විලාපය“ විරෝධය හෙට සිට රට පුරා ඇරඹෙයි!

ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යන තුරු අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර ඇති ජනතාවගේ විලාපය විරෝධතා මාලාව හෙට සවස 6 දිවයින පුරා ආරම්භ  වන බවත් ලඟම ඇති හන්දියට ගෙදර තිබෙන වළඳක් රැගෙන, හිස් තෙල් බූලිය රැගෙන පන්දමක් රැගෙන  ලඟම ඇති හන්දියට එක්ව මේ අරගය ශක්තිමත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලන බවත්  වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකබාද්ධ ජනතා ව්‍යාපාරය වෙනුවෙන් වසන්ත සමරසිංහ අද ඉල්ලා සිටියේය.

ආණ්ඩුවේ වැඩ පිළිවෙළ කර්මාන්ත   බිඳ දමා, ස්වයං රැකියා කරන මිනිස්සුන්ගේ රැකියා අහිමි කර, පාසල් වසා,  රජයේ කාර්යාලවලට නිවාඩු දී  රටම වැඩ වර්ජනයකට තල්ලු කර ඇති බැවින් අමුතු වැඩ වර්ජන ඉතිරි වී නැති බව කී වසන්ත සමරසිංහ හෙටින් අරඹන විරෝධය ගෝඨා රනිල් ආණඩුව පළවා හරින තුරු අඛණ්ඩව පවත්වන බව කීවේය.

“අද මුලු රටක මිනිස්සු බලන් ඉන්නවා රටේ ආණ්ඩුවත් ජනාධිපති මොකක්ද කරන්නෙ කියලා. පෝලිම් අඩු කරන්න ආපු රනිල්ගෙ ගේ ඉස්සරහත් පෝලිම් ගැහිලා ඉන්නවා මිනිස්සු.

“රනිල් ඇවිත් සති දෙකකට සැරයක්    ආර්ථික අඳෝනාවක් කියනවා. රටේ ප්‍රශ්න එතනමයි.  රටම මහා අර්බුදයක. ගෝඨාට රනිල්ට තවත් කොහොමද කියන්න  ඕන යන්න කියලා. දැන් එළවන්න ලෑස්ති වෙන්නෙ. දැන් පල කියලා කියන්න වෙන්නෙ“

අපි සියලු පුරවැසියන්ට ආරාධනා කරනවා ගමට නගරයට එකතු වෙන්න.    ජනතා විලාපය විරෝදධය රට පුරා ආරම්භ කරනවා.  ඒ විරෝධය ශක්තිමත් කරන්න. රටේ සියලු දිස්ත්‍රික්කවල  නගර වලට කුඩා නගර වලට මංසන්ධිවලට  එකතු වෙලා ගෝඨා රනිල් එලවන විලාපයේ විරෝධය ආරම්භ කරමු.

“දැන්නම් උඹලා යන්න ලෑස්තිවෙන්නම ඕන. එක් පැත්තකින්  රනිල්  මහ බැංකුව එක්ක සෙල්ලම් කරනවා. එක පැත්තකින් ගෝඨා තෙල් සංස්ථාව භාරගන්නවා. අනෙක් පැත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාර ගන්නවා.  පොහොරත් නෑ. තෙලුත් නෑ කන්නත් නෑ. ජීවත් වෙන්නත්  නෑ.

රටේ මිනිස්සුන්ගෙ බදු වලින් කකා ඉන්න මිනිස්සුන්ට මේක පහසු උනාට හම්බ කරලා කන මිනිස්සුන්ට මේක අමාරුයි. ගිය මාසසේ උද්ධමනය සියයට 42යි. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණණ දෙපාර්තමේන්තුවෙ දත්ත අනුව  මේ මාසෙ එය  වැඩිවෙනවා සියයට හැට දක්වා. මාසෙට සියයට 45ක උද්ධමනයක්  තියන ලෝකයේ දෙවැනි රට ලංකාව. දැන් තවත් අපට මොනවද කියන්නෙ.“

ඞමේ රටේ මිනිස්සු පවු.  අඩුම ගානෙ පාරට බහින්න බැරි තරමට ඔවුන් වෙහෙසට පත් වෙලා. දරුවන්ට අධ්‍යාපනය නැතිව ඔවුන් කඩාගෙන වැටිලා. ඒ නිසා ගෝල්ෆේස් අරගලකරුවන්, ගොවිතැන අහිමි වුන ගොවියන්, කම්කරුවන්, ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා කරන අය තමන්ගෙ දරුවන්ට කෑම ටික උයලා දෙන්න බැරිවුන අම්මලා එකතුවෙලා ඉන්නවා මේ ආණ්ඩුව පෙරළන්න.“

“ජන හඩ ඇහෙන්නෙ නැතිනම් හෙට කන් දීලා අහපල්ලා ජනතාවගේ විලාපය. ගෝඨාට රනිල්ට යන්න කියන ජනතාවගේ විලාපය.“

“මේ සෙල්ලම් ඇති හොඳටම. කන්න නැතිව ඉන්න මිනිස්සු එක්ක  ගේම් ගහන්න එපා.  ජනතාවගෙ  ප්‍රශ්න විසඳන්න බැරි  පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්න මේ රටට  ඕන නෑ…

තවත් ජනතාව රවට්ටන්න එපා.   උඹල එලවන සටන අපි පටන් ගත්තා. 9 වැනිදා  වෙච්චි දේ මතක් කරගනිල්ලා.  මිනිස්සුන්ගෙන් ගුටි කාලා යන්න හදන්න එපා.“ වසන්ත සමරසිංහ කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka