රැට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු එළැඹෙන ජූලි 01 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසියට බාර වීමෙන් පසු කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබින.