gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිකුරාදා ජනපති කැඳවූ සංචාරක නිලධාරීන්වම අගමැති සඳුදා කැඳවලා! ජනපති එකක් කියද්දී අගමැති වෙන උපදෙස් දීලා! පිළිගන්නේ කාගේ උපදෙස්ද? නිලධාරීන් දෙලොවක් අතර!

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇදී යමින් තිබියදීත්, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එකට වැඩ කරනවා වෙනුවට, දෙදෙනා බල දේශපාලනයේ යෙදෙන බවක් පෙනී යන්නේ යැයි, අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි එෆ්.ටී පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

එකම ක්ෂේත්‍රයට අදාල ප්‍රශ්න කතා කිරීම සදහා දෙදෙනා එකට වාඩි වෙනවා වෙනුවට, එකම නිළධාරීන් පිරිස වෙන වෙනම අවස්ථා දෙකක දී කැදවන බවත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කර දැමීමක් බවත් පුවත්පත පවසයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු පිළිබදව කතා කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙසේ අවස්ථා දෙකක දී වෙන වෙනම පිරිස් කැදවා තිබුනි.

සිකුරාදා දිනයේ දී ජනාධිපතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීමට නිළධාරීන් කැදවා තිබුණු අතර, එම නිළධාරීන් පිරිසම පසුගිය සදුදා දිනයේ දී අග්‍රාමාත්‍යවරයා විසින්ද කැදවා තිබුණි.

සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීම සදහා ජනාධිපතිවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී නොවූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී විය.

එකම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම තමන් කැදවන බවත් ඉන් පසුව දෙදෙනා විසින්ම එකිනෙකට පරස්පර උපදෙස් සහ නියෝග ලබා දෙන බවත් එම සාකච්ඡා සදහා සහභාගී වන නිළධාරීන් පවසා ඇතැයි ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka