පොහොට්ටුව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආණ්ඩුව හා එක්ව 21 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන සියලු මන්ත්‍රීවරුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන ඇමති ධුර හා නියෝජ්‍ය ඇමති ධුර අනෙකුත් තනතුරු සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා පොදු එකඟතාවයකට පැමිණ කටයුතු කරන බව එම ආරංචි මාර්ග හෙළි කරයි.
මේ අතර 21 සම්මත කරගන්නා තෙක් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර සඳහා පුද්ගලයින් නම් නොකර සිටීමට ද කටයුතු කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වැනි සංශෝධනයට සහාය දෙන මන්ත්‍රිවරුන්ට ඇමති තනතුරු හා අනෙකුත් වරප්‍රසාද ලබා දුන්න ද පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය 21කට ලබා නොදීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පුලුල් වැඩපිළිවෙළක් මේ වනවිට දියත් කරමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
නව සංශෝධනයට ඇතුළත් වූ සියලු යෝජනා සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර තිබෙන බවත් ඒ සම්බන්ධව අද පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට සූදානමින් සිටින බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය.
