21 වැනි සංශෝධන ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
මෙම රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල් පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් රැසක් සහභාගී වීමට නියමිත බවත් පක්ෂ නායකයින්ට ද ආරාධනා කර ඇති බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා අවස්ථා 04ක දී ඉදිරිපත් වුවද මෙතෙක් එය සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා මෙම රැස්වීම කඳවා තිබේ.
ඒ අනුව 21 වැනි සංශොධනයේ අන්තර්ගතය සහ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කාල වකවානුව ද අද තීරණය කරනු ඇති බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
