gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නන්දලාල් වීරසිංහට තවත් වසර 06කට මහ බැංකුව බාරයි!

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 4 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 6 කාලයක් සඳහා මහ බැංකු අධිපති ධූරයට පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (ජූනි 30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබ ඇත.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය අදින් අවසන් වීමට නියමිතව තිබිණි.

ඉකුත් අප්‍රේල් මාසයේ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගත් ආචාර්ය වීරසිංහ එම තනතුරේ දිගට ම කටයුතු කිරීමට සූදානම් බව බලධාරීන් වෙත දන්වා යැවී යැයි ඔහු පසුගිය දා බී.බී.සී. පුවත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ද පවසා තිබිණි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka