gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා... නොසැලී ඉන්න" - බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි

ඉතා කෙටි කාලයකින්  නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ පාලන බලය යළිත් ලබා ගන්නා බව බැසිල් රාජපක්ෂ පවසා ඇත. ඔහු මේ බව සහතික කර පවසන්නේ අද (30) බත්තරමුල්ල නෙළුම් මවතේ පැවති  පොදුජන පෙරමුණ පක්ෂ ප්‍රතිසංවාධාන රැස්වීමක් අතරය.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී පොදු ජන පෙරමුණ නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඒ සඳහා දැන් සිටම සූදානම් වන ලෙසත්  ඔහු පක්ෂ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත. 

ඉදිරියේ දී ප්‍රථමයෙන් පළාත් පාලන  මැතිවරණය පැමිණිය හැකි බව කියන බැසිල් රාජපක්ෂ කුමණ මැතිවරණයක් පැමිණිය ද  එය ජයග්‍රහණය කරවීම තමන්ට හෝ තම පක්ෂයට අභියෝගයක් නොවන බව  අවධාරණය කර තිබේ.

දේශපාලනයේ පසුබැම්  සහ නැගී සිටීම් සිදුවන බව  පවසන බැසිල් රාජපක්ෂ තවමත් පොදුජන පෙරමුණ දේශපාලනයේ පසු බැස නැති බව කියා ඇත.

තවමත්  ඉහළ දේශපාලන තලයේ ඉදිරියෙන්ම  සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු  කියා තිබේ.

පොදුජන පෙරමුණ ආරම්භ කිරීම සඳහා මැදිහත් වූ  පිරිස වෙනදාටත් වඩා ශක්තිමත්ව හා ධෛර්ය සම්පන්නව ඉදිරියට පැමිණ ඇති බවත් ග්‍රාමීය මට්ටමේ මෙන්ම නාගරික තලයේ සිටින තම පාක්ෂිකයන් රටේ සිදුවන දේ දෙස නිහඬව  බලා සිටින බවත් බැසිල්  පවසයි.

ඒ අනුව ඉතා කෙටි කාලයකින්  නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ පාලන බලය යළිත් ලබා ගන්නා බවත් ඒ සඳහා ශක්තිමත්ව පෙළ ගැසෙන ලෙසත්  ග්‍රාමීය මට්ටමේ සිට ජනතාව දැනුම්වත් කරන පෙමක් පක්ෂ ක්‍රියාකාරීන්ගෙන්  බැසිල්  ඉල්ලා ඇත.

- lankasara


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka