ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් කැළඹීමට පත්ව තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාට අතිශය පක්ෂපාතී ලෙස කටයුතුවල මන්ත්‍රීවරුන් මෙම නවතම තත්ත්වයත් සමග දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට පත්ව ඇත.
එම පිරිසෙන් ඇතැමුන් දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව සමග වැඩි හිතවත්කම් පවත්වමින් ඇති අතර තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප වීමට මාර්ග සොයමින් සිටී.
විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් සමග කටයුතු කිරීමට පිරිසක් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා අතිශය පක්ෂපාතීව කටයුතු කළ කිහිප දෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවාදීන් කිහිපදෙනකුම ඒ අතර වේ.
