ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන වගකීමක් ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත සිය විරෝධතාව ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
මෙහිදී වික්‍රමසිංහ මහතා තමන් ඊට විරුද්ධ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී ඊට පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා වික්‍රමසිංහ මහතාට අනතුරු අගවමින් කියා ඇත්තේ තමුන් 20 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා වශයෙන් පත්ව ඇති බව සිහිතබා ගන්නා ලෙසටය.
මේ ආකාරයටම වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී ජනාධිපතිවරයා මුණගැසී දිනේෂ් වීරක්කොඩි මහතා මහබැංකු අධිපතිවරයා ලෙස පත්කළ යුතු බව දැනුම් දුන් අවස්ථාවේදීද ජනාධිපතිවරයා කියා සිටියේ එය කළ නොහැකි බවකි.
එවිට අගමැතිවරයා එසේනම් තමන් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වන බව සදහන් කරද්දී ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ නම් ඉවත් වන්න යැයි කියාය.
