තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැ යි ඉල්ලා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නො ගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නිතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.
මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ ඉදිරියේ යි.
අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේ දී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ‘විකුම් ද ආබෲ’ කියා සිටියේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තුවක් ද නිකුත් කළ බවයි.
එම නිසා මෙම පෙත්සම පවත්වාගෙන යා නො හැකි බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් පෙත්සම සලකා බැලීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.
