ජනාධිපතිධූරයේ බලතල අඩු කිරිම සඳහා පුද්ගලික මන්ත්‍රිවරයකුගේ යෝජනාවක් ලෙස අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් කර තිබු 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා බව විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට දන්වා ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ කරුණු හෙළිදරවු කරණු ලැබුවේ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදිය.
