පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
වික්රමසිංහ මහතාට ඒ සදහා අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇතැයි ද කරුණානායක මහතා සදහන් කලේය.
කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
