වරදාන වරප්‍රසාද සහිතව රුපියල් කෝටි සියය බැගින් මුදල් ලබා දී මන්ත්‍රීවරුන් ඩැහැගැනීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් සහ ව්‍යාපාරිකයින් කීප දෙනෙක් එක්ව මේ වනවිට ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
මෙම මෙහෙයුම යටතේ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරු ආණ්ඩුවට ගැනීමට අමතරව ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කලකිරී ආණ්ඩුවේ සිට විපක්ෂයට හෝ ස්වාධීනවන මන්ත්‍රී මැති ඇමතිවරු රඳවා ගැනීමට ද මුදල් භාවිතා වන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් මෙම මෙහෙයුමට ඉහළ පෙළේ කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාරිකයින් කීප දෙනෙක්ම යොදාගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
පසුගිය කාලයේ දී රජයේ සහයෝගයෙන් මෙරටට භාණ්ඩ ආනයන කටයුතුවල නිරතවූ ප්‍රමුඛතම ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඇතුළු තවත් ව්‍යාපාරිකයින් පිරිසක් මෙම කටයුත්තට දායක වී ඇති බව දැනගන්නට තිබේ.
රටේ ඉහළම දේශපාලන අධිකාරියේ අනුදැනුම සහ ආශීර්වාදය මත ක්‍රියාත්මකවන මෙම මෙහෙයුමට නායකත්වය දෙන ඇමතිවරු දෙදෙනා ද මෙරට සහ විදේශ රටවල ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ අය මෙන්ම නඩු කීපයකින් නිදොස් වී නිදහස් වුනු දෙදෙනෙක් බව දැනගන්නට තිබේ.
මෙහෙයුමට සම්බන්ධ කිහිපදෙනා කෙසේ හෝ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා මෙසේ මහා පරිමාණ ලෙස මුදල් වැය කරනු ලබන්නේ පසුගිය කාලසීමාවේ අයථා ලෙස උපයා ගත් මුදල් බව පැවසේ.
එම මුදල්වලට අමතරව ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් සහ ඒවාට අවශ්‍ය වරදාන වරප්‍රසාද මෙන්ම ඔවුන් නම් කරන අයට සංස්ථා සහ මණ්ඩලවල ඉහළ තනතුරු ද ලබා දීමට සැලසුම් කර ඇතැයි ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.
-lankasara
