gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නම්බුකාර විදිහට අයින් වෙන්න කල් දුන්නා… දැන් නම් පන්නනවා… ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම සපථ වෙයි!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  නම්බුකාර ලෙස එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් නැතිනම් ඔහුව නෙරපා හැරීමේ විකල්ප ක්‍රියාමාර්ග වෙත කඩිනමින් යොමුවන බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයෙක් පැවසීය.

එම වැඩපිළිවෙළේ මූලික පියවර ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගයට සහාය දී එය ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමේ අවධානය යොමුව ඇති බව ඔහු කීය.

ඊට අමතරව තවත් විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධව කථිකාවක් ඇති වී තිබෙන බවත් එම පක්ෂ නායකයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට මෙතෙක් ස්වාධීන කණ්ඩායමේ කිසිම මන්ත්‍රීවරයෙක් අත්සන් කර නොතිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහුට අනුව ඔවුන් විශ්වාස කර තිබුණේ විශ්වාසභංගයට මෙපිටින් වූ තත්ත්වයක් තුළ අගමැතිවරයා ඉවත් කර නව භාරකාර රජයක් වෙත ගමන් කිරීමය.

කෙසේ වෙතත් ඊයේ අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව තමන්ගේ ස්ථාවරය වෙනස් වී ඇති බව  ඔහු පැහැදිලි කළේය.

විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධව ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග යළි සාකච්ඡා ආරම්භ කරන බවත් ආණ්ඩුවට එරෙහිව ගෙන එන එම විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට හැකි වුවහොත්  අගමැති මහින්ද රාජපක්ෂට ඉබේම ධුරය අහිමිවන බවත් ඔහු කීවේය.

ඔහු යළිත් අවධාරණය කරන්නේ මෙතෙක් තම කණ්ඩායම උත්සාහ කළේ අගමැතිවරයා බලහත්කාරයෙන් එළියට ඇද නොදමා ගෞරවනීය ලෙස ඉවත්ව යෑමට ඔහුට අවකාශ සලසාදීමට බවය.

මේ අවස්ථාව පැහැර හරිමින් තව දුරටත් අත්තනෝමතිකව කටයුතු කර  අගමැති ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරනවා නම් ඔහුගේ හැසිරීමට උචිතම පිළිතුරක් දෙන බව  එම නියෝජිතයා පැවසුවේය.

ලංකාසර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka