gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

EXCLUSIVE : විමල් පිල ගෙනෙන විශ්වාසභංගයට සහාය නොදෙන්න දෙමළ ජාතික සන්ධානය තීන්දුවක් ගනී!

ආණ්ඩුව සමග එක්ව කටයුතු කර පසුව විපක්ෂයේ අසුන් ගත් විමල් වීරවංශ පිල විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය නොදීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට තිබේ.

වත්මන් ආණ්ඩුව ගත් සියලු තීන්දු තීරණවලට ඔවුන්ද සම්පූර්ණයෙන්ම වගකිව යුතු වීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම රට මේ තත්ත්වයට පත්වීමට විමල් වීරවංශ ඇතුලු එම පාර්ශ්වයද වගකිව යුතු බව දෙමළ සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ගෙන එන කිසිදු සංශෝධනයකට සහාය නොදැක්වීමට එම සන්ධානය තීරණය කර තිබීමද ඒ සදහා ‌එක් හේතුවක් වී ඇති බව පැවසේ.

ඒ අනුව දෙමළ සන්ධානය තීන්දු කොට ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දීමටය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka