gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා මහතා කීවේය.

හිටපු අගවිනිසුරුවරයා මෙසේ ද පැවසීය.

“රටේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි අර්බුදයක් මතුවී තිබෙනවා නම් එයට විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි. විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යෝජනා සම්මතයක් ගෙනාවා.

මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා. යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි.
බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.”  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka