gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට..- ප‍්‍රකට විශේෂඥයෙක් කියයි…

රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමිනි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ජුනි මාසයෙන් පසු රටම අඳුරේ සිටීමේ දැඩි අවදානමක් ද මතුව ඇති බවය.

“මම දන්නේ නෑ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ.

ජුලි මාසයේ අපි අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි.

ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න. එතකොට මේ රටේ බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ.

ඉන්දියාවෙන් එන තෙල් පිට මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද? තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි.

IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ. අපි කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම අඳුරේ ඉන්න පුළුවන්.

අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ.”

– Ada derana
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka