gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිලියන 16ක සීනි බදු වංචාව : වාසිය ගත් පාර්ශ්වවලින්ම අය කරගන්න - මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි

සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.

එහි සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

ජාතික විගණන කොමිසම නිර්දේශ කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිලිබඳව අධ්‍යනය කිරීම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලව බවත් සඳහන්ය.

2020 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

එසේම මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාන්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කල විට 2020 වසරේ ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කල පසු 2021 වසරේ පෙබරවාරී 08 වැනිදා දක්වා මාස 04ක කාලය තුල පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

එසේම අදාල කෙටි කාලසීමාව තුල පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයෙ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට විකිණීම තුලින් ලංකා සතොස රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර ඇති බවත් සඳහන් වෙයි.

තවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තෝම්බර් මස සිට 2021 වසරේ පෙබරවාරී දක්වා වූ මාස කිහිපය තුල පමණක් පිරමිඩ් විල්මා අයතනයේ සීනි ආනයනය අසාමාන්‍ය ලෙස 1222%කින් ඉහළ ගොස් ඇති බවත් මෙලෙස සීනි සඳහා බදු අඩු කිරීනේ රජය අපේක්ෂා කල පාරිභෝගික සහන සැලසීමේ අරමුණ යටපත් වී ආනයනකරුන් සහ වෙළඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසි උදාකරගෙන ඇතැයිද විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka