gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් කැබිනට් එක අර්බුදය මතට එලන්න හදපු පැලැස්තරයක්… හිටපු ඇමති සරත් වීරසේකර කියයි!

දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලයට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

රජයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට දේශපාලනිකව සිය දිවි නසා ගැනීමට සූදානම් වෙමින් කටයුතු කර ජනතා අප්‍රසාදයට ලක් වී කැබිනට් ඇමතිකම් අහිමි වී ගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මේ කලකිරුණු කණ්ඩායමේ ඉදිරියෙන් සිටින බව දැනගන්නට ඇත.

මේ තත්වය සම්බන්ධව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ  අනෙක් පිරිස් සම්බන්ධව තමන්ට අදහසක් නැති නමුත්  මේ කැබිනට් මණ්ඩලය පවතින අර්බුදය මත එලන්නට  හැදූ පැලැස්තරයක්  පමණක් බව  තමන්ගේ  මතය යැයි ලංකාසරට කීවේය.

මේ සිදුකළ කැබිනට් සංශෝධනය රට ඉල්ලන විසඳුම නොවන බවත්,  මේ ඔස්සේ කිසිම ජනතා ප්‍රශ්නයකට විසදුම්  හෝ වැඩපිළිවෙළක් ද ඉදිරිපත් නැති බවත් කී  හිටපු ඇමතිවරයා තමන් මේ කැබිනට් මණ්ඩලයේ තනතුරක් භාර නොගන්නට තීරණය කළේ එබැවින් යැයි කීවේය.

“ අපි ගෙම්බො වගේ පනින්න යන්නෙ නෑ. නමුත් මේ සිදුවන දේ  දෙස බලාගෙන ඉන්නවා.“

හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

-ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka