gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යළි ඇමතිකම ගැනීම ගැන මන්ත්‍රී විමල්ගේ ස්ථාවරයේ වෙනසක්!

යළිත් මේ ආණ්ඩුව තුළ ඇමති ධූරයක් දැරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දරන ස්ථාවරය දින කිහිපයක් තුළ වෙනස්ව තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

ජනපතිවරයා විසින් ඔහුව හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඉකුත් 4දා පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා සිය ස්ථාවරය පැහැදිලි කළේ එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පළමු ස්ථාවරය

එහිදී ඔහු සඳහන් කළේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ මින් ඉදිරියට කිසිදු ඇමති ධූරයක් බාර නොගන්නා බවයි.

එහෙත් ඉකුත් 7දා විරවංශ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් අනුරාධපුරයේදී කළ සංචාරයෙන් පසු මාධ්‍ය අමතා ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ වෙනත් මතයක්.

බැසිල් රාජපක්ෂ මහතා සිටින ඇමැති මණ්ඩලයක තමා ඇමති ධූරයක් භාර නොගන්නා බවටයි ඔහු එහිදී සඳහන් කළේ.

ස්ථාවරයේ වෙනස

ඒ අනුව බලද්දී දින 3ක් ඇතුළත වීරවංශ මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වෙනස් වී තිබෙන බව තහවුරු වනවා.

යළි මේ ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් වීරවංශ මහතා සමඟ ඇමති ධූරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල මහතා මෙතෙක් කිසිදු ස්ථාවරයක් ප්‍රකාශ කොට නැහැ.

තමාව ඇමති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කිරීමට වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ (9) කිරීමට හා කථානායකවරයාගෙන් අවසරය ඉල්ලා තිබුණත් එවැන්නක් සිදු වූයේ නැහැ.

ඒ වීරවංශ මන්ත්‍රීවරයා අසනීප තත්වයෙන් සිටින බවටයි ප්‍රකාශ වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka