එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන සත්‍යග්‍රහය අද පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියේ දි පැවැත්වීමට නියමිතව තිබේ.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කළේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා සියලුදෙනා එකමුතු වේවා යන ප්‍රාර්ථනයෙන් මෙම සත්‍යග්‍රහය පවත්වන බවය.
පක්ෂ භේදයකින් තොරව සුදු ඇඳුමින් සැරසී මීට සහභාගී වන ලෙස සියලු පාර්ශව වෙත විවෘත ආරාධනයක් සිදුකර ඇති බව ද ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ පවතින අර්බුද වලට විසඳුම් සෙවීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර ඇති බවය.
