මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ලබා නොගන්නා බව හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා ප්‍රකාශ කර ඇත.
නිමල් ලන්සාට කැබිනට් ඇමති ධුරයක් ලබා දෙන බවට පලවන ප්‍රවෘත්ති සම්බන්ධව හිටපු කාර්යමණ්ඩලය කළ විමසීමක දී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර තිබේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් ඇමතිකමක් හෝ වෙනත් කිසිම තනතුරක් සම්බන්ධ යෝජනා පැමිණියත් ඒ කිසිම තනතුරක් වත්මන් ආණ්ඩුව යටතේ ලබා නොගන්නේ යැයි තමන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඉහළ පෙළේ අයට දැනුම් දී ඇති බවය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුනොකිරීම වැනි ප්‍රශ්න ගණනාවක් නිසා තමන්ට ජනතාව ඉදිරියට යා නොහැකි බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු පවසා ඇත.
කෙසේ හෝ මේ වනවිට නිමල් ලන්සාට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විමල් වීරවංහ ප්‍රමුඛ පක්ෂ 11 සන්ධානයෙන් ඔවුන් හා එක්වන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
