ජනාධිපතිවරයා විසින් කැදවූ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා හට බැන වැදී ඇති බව දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තු භෝජනාගාරයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඊට ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සහ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී සිට ඇති බවත් වාර්තා වේ.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටිමින් සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීම පිළිගත නොහැකි බවත්, එසේ කරනවා නම් අමාත්‍ය ධූරයෙන් ඉවත්ව එය සිදු කළ යුතු බවත්ය.
මෙහිදී තොණ්ඩමන් අමාත්‍යවරයා අදාළ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ඇමැතිකමේ සිට ආණ්ඩුව විවේචනය කිරීම පිළිබදව තීන්දු කරන්නේ තමන් බවත්, ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්දයෙන් පවා තම පක්ෂය තීන්දු කරනු ඇති බවත්ය.
