සමඟි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගී වීම සඳහා රට වටෙන්ම කොළඹට එන ජනතාව පැති දෙකකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට මීට ස්වල්ප මොහොතකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.
කොළඹට එන ජනතාව එක් කොටසක් මරදානේ ටෙක්නිකල් හංදියේ සිට පා ගමන ආරම්භ කරන අතර අනෙක් පිරිස කොළඹ විපක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් යෑමට නියමිතය.
