ගම්පහ කෙටවල අමුණෙහි මත්පැන් පානය කර විනෝද වෙමින් සිටි සිසුවෙකු දිය නෑමට ගොස් ජල රකුසාට බිලුවුණු හැටි (සංවේදී වීඩියෝ සහිතයි)
පාසල් යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ගම්පහ දාරළුව කෙටවල ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් සිටිය දී හදිසියේයේ දියට ඇද වැටුණු තරුණයෙකු සැඩ පහරේ ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.
මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ගම්පහ වීරඟුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
ඔහු සිය මිතුරන් පිරිසක් සමග මෙම ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටි අතරවාරයේ යි මෙම අනතුරු සිදුවී ඇත්තේ.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනෙකු ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු ජලයට වැටීමෙන් පසුව අයෙකු බේරා ගැනීමට හැකි වූවද අනෙක් සිසුවා බේරා ගැනීමට නොහැකිවී ඇත.
මෙම තරුණයාගේ මළසිරුර ඔහු දියට වැටුණු ස්ථානයේ සිට මීටර 500 ක් පමණ පහළින් තිබිය දී සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඇනිකට්ටුව අසල අනාරක්ෂිතව ගැවසීම අතිශය භයානක කරුණක් බවයි.
එහි ගලායන සැඩ පහර හේතුවෙන් මීට පෙරත් ජීවිත හානි රැසක් සිදු වී ඇති බව ඔවුන් පවසා සිටියා.
ගම්පහ කෙටවල අමුණෙහි මත්පැන් පානය කර විනෝද වෙමින් සිටි සිසුවෙකු දිය නෑමට ගොස් ජල රකුසාට බිලුවුණු හැටි (සංවේදී වීඩියෝ සහිතයි)
2022-03-15T14:21:00+05:30
Gossip Lanka Hot News




