gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රුසියාවට විරෝධය පල කරන්න - ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු ප‍්‍රබල රටවල් 14ක් ලංකාවට දන්වයි

රුසියාව විසින් යුක්රේනයේ සිදු කරමින් ඇති යුද මෙහෙයුමට විරෝධය දක්වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන පෙළේ රටවල් දාහතරක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

කොළඹ සිටින එම රටපල තානාපතිවරු මහකොමසාරිස් ඇතුළු රාජතාන්ත්‍රිකයන් 14 දෙනකු විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව යුක්රේන මෙහෙයුමට එරෙහිව වාචික සහයෝගය ලබා දෙන ලෙසද ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ජපානය, රොමේනියාව, ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමයේ නියොජිත විසිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka