ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රතික්ෂේප කරයි.
ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම පැවසීය.
ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඔහු සදහන් කලේය.
