gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාඩු පිට 2020දී ITN සේවකයින්ට කෝටියක් බෝනස් ගෙවලා!

ස්වාධීන රූපවාහිනී ආයතනය පාඩු ලබා තිබියදී රජයේ නියෝග වලට පටහැනිව සේවකයන් 696 දෙනකුට 2020 වර්ෂයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම එක් සේවකයකුට මෙලෙස ගෙවා ඇතැයි පැවසෙන ප්‍රසාද දීමනාව රුපියල් 13,000කි.

2019 මූල්‍ය වර්ෂයේදී අලාභ තත්වයක් වාර්තා කර ඇති අවස්ථාවක 2018 වර්ෂයට සාපේක්ෂව අලාභ තත්වය අඩු කරගෙන ඇති රජයේ සමාගම් වලට සේවකයකුට රුපියල් 5000 බැගින් ප්‍රසාද දීමනා ගෙවීමට හැකියාව ඇතත් ස්වාධීන රූපවාහිනී ආයතනය එම චක්‍රලේඛයට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී ආයතනය 2015 වර්ෂයේදී රුපියල් කෝටි හතළිස් තුනකට වැඩි ලාභයක් ලබා තිබූ නමුත් 2019 වර්ෂයේදී රුපියල් කෝටි පනස් අටකට වැඩි අලාභයක් ලබා ඇතැයි විගණන නිලධාරීහු පවසති.

ස්වාධීන රූපවාහිනී ආයතනය 2016 – 2019 අතර වසර 04ක කාලයේදී ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 250කි.

මේ අතර විකාශය සඳහා කිසිසේත්ම සුදුසු නොවන බවට පූර්ව දර්ශන මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබූ ටෙලිනාට්‍ය විකාශය කිරීමෙන් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

මෙයට වගකිව යුතු නිලධාරියා හෝ නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

මේ අතර අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් සඳහා පුද්ගලයකු බඳවා ගෙන ඔහුට 2019 වර්ෂයේදී පන්ලක්ෂ පනස් දහසක වැටුප් හා දීමනා ගෙවා ඇතැයි කෝප් කමිටුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙයට පිළියමක් ලෙස ආයතනයේ කාර්ය මණ්ඩල ව්‍යුහය නොපමාව අනුමත කර ගැනීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව එම ආයතනයට වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

(සුජිත් හේවාජුලිගේ)
Source – Lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka