EXCLUSIVE : ජනපතිගේ සර්වපාක්ෂික සමුලුවට නොයන්න සජබෙත් තීන්දු කරයි! විශේෂ ලියුමක් ජනපතිට යවන්නත් සැලසුම් කරයි!
ජනාධිපතිවරයා විසින් කැදවා ඇති සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබෙ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට තිබේ.
එහිදී වැඩිදුරටත් තීන්දු කොට ඇත්තේ දැනට රට තුළ උද්ගතව පවතින ගැටලු ගණනාවක් ඇතුළත් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය විමසීමටත්ය.
ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඊට අදාළ ලිපිය මේ වනවිට කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.
අද පෙරවරුවේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇත.
EXCLUSIVE : ජනපතිගේ සර්වපාක්ෂික සමුලුවට නොයන්න සජබෙත් තීන්දු කරයි! විශේෂ ලියුමක් ජනපතිට යවන්නත් සැලසුම් කරයි!
2022-03-21T11:16:00+05:30
Gossip Lanka Hot News





