මාලදිවයිනේදී මියගිය ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ඩක්සන් ෆස්ලස්ගේ මරණය සැක සහිත නිසා රජය වහාම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය ක්‍රීඩකයාගේ මව ඊයේ ( 28) මන්නාරම පොලීසියේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මන්නාරමේ පදිංචි 31 හැවිරිදි මෙම ක්‍රීඩකයා මාලදිවයිනේ තරගාවලියක් සඳහා සහභාගී වෙමින් සිටියදී සියදිවි හානි කරගෙන මියගිය බවට තොරතුරු වාර්තා වූවත් තම පුතාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බව මියගිය ක්‍රීඩකයාගේ මව පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරමේ පොලිස් නිලධාරීන් ක්‍රීඩකයාගේ නිවසට ගොස් ඔහුගේ මවගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
මන්නාරමේ ඉපදී වඩමාරච්චි වදිරි ඩයමන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඩක්සන් ෆස්ලස් මීට දින හතරකට ඉහතදී මාලදිවයිනේදී මියගිය බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබදව වැඩිදුර විස්තරයක් මෙතෙක් ලැබී නොමැත.
මියගිය ක්‍රීඩකයාගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමක්ද සිදුව නොමැත.
