gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෙලුම් පොකුණ අපේ වැඩක්.. මහින්දගේ වැඩක් නොවේ.. මා සංස්කෘතික ඇමති කාලයේ ලත් දෙයක් - විජිත හේරත්

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. 2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බව ද ඔහු පැවසීය.
චීනය විසින් මුලින් යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු බවත් ඔහු සඳහන් කළේය.

සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය මත ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී තමන්ගේ නමින් නම් කරමින් එය විවෘත කල බවද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka