gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ගතවෙමින් ඇත්තේ කොවිඩ් ඉතිහාසයේ රට තුළ වසංගතය දැඩිවම පැතීරීයන අවධියයි!

දෛනිකව නිවැරදි කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වර්තා නොවන නිසා මේ මොහොතේ  පවතින   රෝගයේ සැබෑ ස්වරූපය නොපෙනන නමුත් ලෝකයේ කොවිඩ් ආරම්භ වූ පසු ලංකාව තුළ වසංගතය දැඩිව පැතිරී යමින් ඇත්තේ මේ වකවානුවේ දී  බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

එන්නත් කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩුවෙමින් ඇති නමුත් පවතින ලිහිල් සෞඛ්‍ය මාර්ගෝපදේශන සහ මහජනතාව සෞඛ්‍ය නීති නොසලකා  හැරීම්  වැඩිවෙමින් ඇති ආසාදිතයන් ප්‍රමාණය සමග මේ තත්වය වෙනස් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

බූස්ටර් එන්නත ලබා ගැනීම හැකි ඉක්මනින් සිදුකරන ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා පවතින විනිමය හිඟය හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල නොමැති වටපිටාවක, රෝගයේ පැතිරීම විද්‍යාත්මකව නිශ්ඡය කිරීම අපහසු වී ඇති පරිසරයක සුදුසුම දේ සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස පිළිපැදීම පමණක් බව පෙන්වා දෙන්නේය.

-කීර්ති ප්‍රනාන්දු


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka