gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමති 48කට එරෙහිව වාසු නඩු මගට!

රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව වහා ම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී තිබේ.

නඩු පවරන බවට සඳහන් ලිපි වහා ම එම මැති ඇමතිවරුන් වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉකුත් 24 වන දා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී ඇත.

යහපාලන රජයේ සිටි හා වත්මන් රජයේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් එසේ ජල බිල්පත් ගෙවා නොමැති අතර එම හිඟ බිල්පත් ගෙවන ලෙසට අවස්ථා තුන හතරකදී ඔවුන්ට දැනුම් දීම් කළ ද ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට එසේ උපදෙස් ලබා දී තිබේ.

ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් හා අමාත්‍යවරයා අතර ඉකුත් 24 වන දා පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ඉහත සඳහන් මැති ඇමතිවරුන් 48 දෙනාට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් පිරිසක් ද රුපියල් කෝටි 7ක ජල බිල්පත් ගෙවා නොමැති බවට ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැනුම් දී ඇති නමුත් එම පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පෙර හිඟ ජල බිල්පත් ගෙවා නොමැති මැති ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉහත සඳහන් මැති ඇමතිවරුන් හිඟ ජල බිල්පත් වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ හයක් ගෙවා නොමති බව ද ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

-මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka