gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Exclusive : ගම්මන්පිලට පක්‍ෂ නායක හමුවේදී දැඩි ප‍්‍රහාරයක්.. පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශයකට වෙලාව වෙන් කරයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩි විවේචන එල්ල වී තිබේ.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන අර්බුදයට හේතුව කොරෝනා වසංගතය නොවන බවත් වසංගතයෙන් සිදුවූයේ අර්බුදය ඉක්මන් වීම පමණක් බවටත් ගම්මන්පිල මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබින.

ඊයේ  පැවති මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයාද ඇමතිවරයාගේ මතය පිලි නොගනිමින් අදහස් පල කර ඇත.

මේ අතර උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දන්වමින් සඳහා වෙලාවක් වෙන් කර දෙන ලෙස ලිපියක් යොමු කර ඇත.

කෙසේ වෙතත් එම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැතැයි බලශක්ති අමාත්‍යවරයා අප වෙත කියා සිටියේය.

තමන් කිසිවෙකුගේ විවේචනයන්ට නොසැලෙන බවත් එසේ සැලෙන්නේ නම් මෙපමණ දුරක් පැමිණිය නොහැකි බවත් ඔහු පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka