gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට තවත් ඩොලර් ණය දෙන්නෙ නෑ.. අපට ණය ගෙවන්නත් බෑ.. අප විශාල අර්බුදයක් පාමුලයි - ගම්මන්පිල රටටම ඇත්ත කියයි

අද වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට කොරෝනා වෛරසය වගකිවයුතු බවට සිදු කරන ප‍්‍රකාශ පිලිගත නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ රටේ ඩොලර් ප්‍රශ්නයට හේතුව ණය ඉහළ යාම මිස කොරෝනා නොවන බවද පැවසූ ඔහු කොරෝනා වසංගතයෙන් පසුවද ඩොලර් අර්බුදය විසදෙන්නේ නැතැයිද පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව ඩොලර්වලින් තවත් ණය ලබාගත නොහැකි තත්ත්වයක සිටින බව ද පැවසූ ඔහු ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ද අපහසු තත්ත්වයක සිටින බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රශ්නය ණය අර්බුදය මිස කොරෝනා නොවන බව ද හෙතෙම සඳහන් කළේය කොරෝනා වසංගත සිදුකලේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය වේගවත් කිරීමක් පමණක් බව ද පැවසූ ඔහු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වූ පසු අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති බවට සිදුවන ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී ඇති බව පිළිගත යුතු බවත් ප්‍රශ්නය විසඳන ආකාරය ගැන ජනතාව දැනුවත් කර ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර කැපකිරීම් කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka