gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FB comment පස්සේ පන්නනවට වඩා වැදගත් වැඩක් CIDයට තියනවා - කතෝලික සභාවෙන් ප්‍රකාශයක්!

ෆේස්බුක් කමෙන්ට් දාපු පුද්ගලයන් ගෙන්වා ප්‍රශ්න කරනවාට වඩා වැදගත් වැඩක් CIDයට නොමැති දැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කරනවා.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ ෆේස්බුක් කමෙන්ටුවක් සම්බන්ධයෙන් පසුගිය දා (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්න කිරීම පිළිබඳ අදහස් දක්වමින්.

අප ජීවත් වෙමින් සිටින්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කෙරෙමින් පවතින සමාජයක බව ද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක පියතුමා,
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම කරපු ප්‍රකාශයක් අන්තර්ජාලයේ පළවෙච්ච ඒ වීඩියෝ පටයට කමෙන්ට් එකක් දාපු කෙනෙක්ව සීඅයිඩීයෙන් කැඳවලා තිබුණා ප්‍රශ්න කිරීම සඳහා. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක අන්තර්ජාතිකව පිළිගත්තු මූලික මිනිස් අයිතිවාසිකමක්. කෙනෙකුට තමන්ගෙ අදහසක්, තමන්ගෙ මතයක්, තමන්ගෙ හිතේ නැගෙන විවේචනයක් ප්‍රකාශ කරන්නට තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම නැතිවෙන සමාජයක අපි ජීවත් වෙන්නෙ.

කෙනෙක් තමන්ගෙ අදහස ප්‍රකාශ කළාම ඒ කෙනාව සීඅයිඩී එකට ගෙනල්ලා, පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා නම් ඕනෙම කෙනෙක් තුළ චකිතයක් ඇතිවෙනවා තමන්ගෙ අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. අපි වුණත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනෙයි කියලා කියන්නෙ ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපි ප්‍රකාශ කරන එක. එතකොට ඒක සිද්ධ වෙන්නෙ නැත්නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධි‍යේ අපේ අදහස කියන එක අපේ අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකමට හැම කෙනෙක්ම ගරු කරන්නට ඕනෙ. විශේෂයෙන්ම රජය ඒ වගේම නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය ඒ අයිතියට ගරු කරන්නට ඕනෙ. අපි කියන්නෙ මේ සිද්ධ වෙච්ච මහා අපරාධය ගැන යුක්තිය ඉටුවෙන්න ඕනෙ කියන එක.

ඒ නිසා මේ විදියට මේ අහිංසක මිනිස්සු ගෙන්නලා රස්තියාදු කරලා පොලිසියත් සීඅයිඩී එකත් තමන්ගෙ කාලය නාස්ති කරගෙන මේ විදියට කටයුතු කිරීම මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඔබින දෙයක් නෙවෙයි කියලා. කමෙන්ට් එකක් දාන මිනිස්සුන්ව පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් මම හිතන්නෙ පොලිසියටයි සීඅයිඩී එකටයි වෙන කරන්න වැඩක් නැතිව යනවා. එනිසා ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. අපි කියන්නෙ මේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන හරි හැටියට කරන්න. ඒක ඊට වඩා වැදගත්”

යනුවෙන් සඳහන් කළා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka